Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා සමාජ වලට ක්‍රිකට් ආයතනයෙන් මුදල් 

ක්‍රීඩා සමාජ වලට ක්‍රිකට් ආයතනයෙන් මුදල් 

යොහාන් භාසුර - 2020 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

  

‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කරමින් එම ක්‍රීඩා සමාජවලට මුදල් ආධාර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය හේතුවෙන් ඇතැම් ක්‍රීඩා සමාජවල ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවටත් කිසිඳු ආදායම් මාර්ගයක් නොමැති ක්‍රීඩා සමාජ වඩාත් අපහසුතාවට පත්ව ඇති බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කරුණු දක්වා ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ විධායක කමිටුව ඊමේල් ඔස්සේ මෙම ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී ක්‍රීඩා සමාජ වෙනුවෙන් එම මුදල් මුදාහැරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ක්‍රීඩා සමාජවලට සහ දිස්ත්‍රික් සංගම්වලට ආදායම නොමැති වුවද සේවයන්ට වැටුප් ගෙවීම ආදී වියදම් දැරීමට සිදුවීමෙන් අපහසුතාවට පත්ව සිටින බවයි.

“ක්‍රීඩා සමාජවලින් සහ දිස්ත්‍රික් සංගම්වලින් ආධාර ඉල්ලලා තියෙනවා. එම සංගම්වලට වැඩ කරගෙන යන්න අමාරුයි කියලා දැනුම් දීලා තියෙනවා. ලක්‍ෂයක දෙකක දීමනාවක් ලබාදෙන්න අපේ අදහසක් තියෙනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

ක්‍රීඩා සමාජ වලට ක්‍රිකට් ආයතනයෙන් මුදල් 

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.